Tuesday, March 27, 2018

සමාඡ හා සංස්කෘතික න්‍යාය පත්‍රයට අහුවෙලාද?



හ්ම් අපි හැමෝම ඉපදුන දවසේ ඉදල හිතන්න පුරුදු කරල නැ කියන දේ කරන එකයි ඇත්තේ එක තමයි හරි අපේ වැඩිහිටි කෙනෙක් කරන දේ ඒ විදියට හෝ ටිකක් ඒ විදියටම දියුණු කරල කරන කෙනා තමයි හොද කෙනා නැත්නම් පවුලේ හොද දරුවා වෙන්නේ  
දැන් මේක වැරදියට තේරැම් අරගෙන වැඩිහිටි අය කියන දේවල් අහන්නේ නැතුව තමන්ට හරි කියල හිතෙන දේ කිරිම නෙමෙයි මේ කියන්නේ
කියන දේ අහන්න තමන්ට ගැලපෙන ටික හොද ටික ගන්න ඒක ඔයාට ඕන විදියට හදාගන්න ඒක තමයි හරි මම හිතන විදියට
ඒත් මේක කරන්න අමාරුයි මොකද කියල දෙන අය වැඩි නිසා ඕකට හොද වැඩක් තියනවා ඔය හරි කියල කියල දෙන අය ඉන්නවා නේද එයාලගෙ ඡිවිතේ පොඩිඩක් අවුස්සල බලන්න ඕන බැලුවම තේරෙනවා අපොයි කියල
දැන් සමාඡය අපට ලැබෙන්නේ අපි අයිති මනුෂ්‍ය කියන අයගෙ පොදු එකගතා වලින් සංස්කෘතියත් එහෙමයි මොනවා වුනත් මේ දෙකම හොද විදියට ඉවර වෙනවා දැකල කියනවද? එක්කෝ සමාඡ ප්‍රශ්න එහෙම නැත්නම් සංස්කෘතික ගැටලු මේකට ආගමත් එකතු වුනාම නියමයි ඇති තරම් මිනි මැරැම් අහන්න දකින්න ලැබෙනවා
දැන් මේ ඡාති තුන නිසා ස්වාභාවිකව පිරිසිදුව උපදින සත්වයා මැරෙන්නේ ඉතාම කටුක අත්දැකිම් රාශියක් පොදි බැද ගෙන ඉතින් මේවගෙන් තමයි අපේ සිත නිර්මාණය වෙලා තියෙන්නේ අපේ සිත කටුක බවට කැමතියි නොපෙන්නුවට ඒ කටුක බව විදින්නටත් එයින් බිහිවෙන දුක විදින්නටත් කැමැතියි ඒ වගේම ඒක වෙන අය සමග බෙදාගන්නත් කැමැතියි මෙයයි ස්වභාවය
ආගමානුකුලව යම් යම් සිමා ඇති කරගෙන ඒ සිමාවන් වලට පොදු සම්මතයන් නිර්මාණය කිරිමත් ඒවා අනුගමනය තුලින් අප නොදැකපු නොවිදපු දේ ලැබෙන බවත් පවසා ඇත. උපතේ සිට මරණය දක්වාම මෙම ක්‍රියාවලිය නොකඩවා පවතින්නක් නොනවතින ප්‍රවාහයක් ඒ ප්‍රවාහය තුල ඇතිවීම හා නැතිවීම උපත හා මරණය ලෙස දැක්විය හැකියි එහෙත් ඒ ප්‍රවාහය තුල පවතින විවිධ වු ශරිරයන් (variety of bodies) නිසා එක වගේ ශරිර වලට විවිධ නම් භාවිතා කලා.
දැන් මේ හැමදේම දැන ගත්තමත් ටිකක් අවුල් වගේ මොකද දැනගැනීමට වඩා යහපත් ඒ පිලිබද නොදැන ඒ දෙස බැලීම
නමුත් එහෙම බලන්න කවුරුත් කැමැති නැ නමුත් යම් දවසක ඔබ කිසි දෙයක් නොදැන යමක් දෙස බැලු කල ඔබට වැටහෙයි

Sunday, April 30, 2017

දුක 1



මේක වචනයක් මේ වචනයට තව වචන ගොඩාක් ඉස්සරහට දාලා  අපිට දුක හදාගන්නත් පුලුවන් මම හිතන්නේ අප විසින්ම දුක හදාගෙන දුක් විදිනවා කියලයි.  ඇත්තටම මේ දුක කියන්නේ පුලුල් පරාසයක විහිදුන තත්වයක් මේකට සිමා මායිම් නැ  එකනේ සමහර අය දුක තුනි කරගන්න ගිහින් නොයෙකුත් කරදර වල පැටලෙන්නේ
මේ අප අවට ඇති සියලුම භෞතික වස්තුන් නිර්මානය වෙලා තියෙන්නෙත් මේ දුක නැමැති ධර්මතාවය නිසා කියල මට හිතෙනවා දුක නිසා තව ගොඩක් දේවල් ඇති වෙනවා ඒ වගේම පරණ ගොඩක් දේවල් නැති වෙනවා
බුදුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය පටන්ගන්නෙත් දුක නිසාඉතින් මේකට සැප හොයන්න ගිහින් නොයෙකුත් කරදර වලට මුහුණ පාන අය දැකලත් තියනවා
දුක නැති කරන ප්‍රතිපදාව දන්න අය ඇතිනේ ඔය ඕන තරම් බණ වලට කියන්නේ ඒක මම කිව්වට වැඩක් නැ නේ
තවත් සමහර අය ඉන්නවා (ගොඩක් අය) දුක නැති වෙනවට කැමැති නැ
තවත් සමහර අය ඉන්නවා දුක නැති කරන්න ආගමික වතාවත් කරන අය දුක නැති වෙනවද නම් දන්නේ නැ
තවත් අය කැම බීම වලින් දුක නැති කරන්න හදනවා
ආ...... බලන කොට ඡිවිත කාලෙම කරල තියෙන්නේ දුක නැති කරන්න දගලපු එකනේ අපොයි දෙයියනේ.........
මේක හරියන්නේ නැ වෙන විදියක් බලමු දැන් මේක කියවන ඔයාට දුක ඇති වුනේ ඉපදුන නිසානේ අම්මයි තාත්තයි නිසාද? ඔව් හැබැයි හොදට මතක තියාගන්න දරුවෙක් හැදුවා මිසක මම කියල දරුවෙක් එයාල හැදුවේ නැති බව දැන් මට බනිනවද දන්නේ නැ....
මතු සම්බන්ධයි දුක 2

Friday, April 21, 2017

සම්මුති ලෝකය සහ මම



සම්මුති ලෝකය යනු නිර්මාණාත්මක එසේත් නැතිනම් බහුතරයක් විසින් සම්මත කරගත් ලෝකයයි මා මේ කියන කාරණය මාගේවත් වෙනත් කෙනෙකුගේවත් ඡිවිතය කෙරෙහි බලපාන බවත් ඒ බලපැම පොදුවේ සිදු කරන ක්‍රියාවන්ට බලපවත්වන බවත් සත්‍යයකි.
මෙන්න මේක ඇතුලේ ඉන්නවා පොඩි පොඩි ලෝක හදාගත්ත කට්ටියක් මම කියල අපි හැම කෙනාම ඒක දන්නවා‍ නේද?
ඇත්තටම මේ මම කියන සම්මතය අපට උපතත් සමග ලැබෙන දෙයක්ද? කියල පොඩි සැකයක් තියනවා
මේක ගැන ටිකක් ගැබුරට ගිහින් බැලුවොත් පේනවා නොකඩවා සිදුවන ක්‍රියාවලියක් ප්‍රථිපලයක් ලෙස මේ තත්වය ඇති වන බවත් ඒ කියන්නේ හේතු ගොඩක ප්‍රථිපලයක් වගේ දැන් මේක අපි වෙන් වෙන් වශයෙන් බලමු.
නිතර ඇතිවන දෙයක් බලමු  (අවශ්‍යතා)  ඉතින් මේ අතිවන අවශ්‍යතා සංසිදව ගන්න ඒ සදහා අවශ්‍ය දේවල් ලග තබා ගැනිමක්  අපි විසින් සිදුකරනවා ඉතින් ඒ අවශ්‍ය දේවල් වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවය සදහා ගන්න නිසා ඒවා ආරක්ෂා කරන්නත් ඕන
විවාහය කියන්නෙත් අවශ්‍යතා සපුරා ගැනිම සදහා තවත් කෙනෙකු අයිති කරගෙන ලග තබා ගැනිම. ඉතින් මේක දිගටම වුන දෙයක් නිසාත් මෙයට නිතිමය රාමුවකුත් හදාගත්තා අයිතිය නැති කරගන්න උත්සහ කලොත් දඩුවම් කරන්න
මේ ඔක්කොම මිනිසා‍ගේ අධික තණ්හාවේ ප්‍රතිපල හැටියටයි මා දකින්නේ ඉතින් මේ සියලු අවශ්‍යතා සපුරා ගැනිමට ඇති අවශ්‍යතාවය ඇත්තේ කුමකටද? ශරිරයට
දැන් මේ ශරිරයට පිලිබද දැක්මක් අවශ්‍ය වුනා ඒකට මොකද කරේ අදාල ශරිරය හදුනාගන්න විවිධ ක්‍රම භාවිතා කලා  උදාහරණයක් විදියට නමක් භාවිතා කිරිම
මේ සියලුම කාර්යයන්හි අවසාන ප්‍රථිපලය වුයේ කිසිම වැඩකට නැති ශරිරය නමින් හදුන්වනු ලබන දෙයකට වටිනා කමක් නිර්මාණය කිරිමත් නිතිමය තත්වයක් එයට ආරුඩ කිරිමත් නොයෙකුත් වගකිම් හා බැදිම් ඒ ශරිරයට අයිති යැයි හදුන්වාදීමත්ය
මේ සියල්ල ඡිවත් වන මිනිසාගේ පොදු එකගතාවයකින් සැදුනු සමාඡ සම්මත ඉදින් යම් පුද්ගලයෙකු මේ සියලු සමාඡ සම්මතයන්ට විරුද්ධ වුවහොත් ඔහුට අත්වන ඉරණම හැම කෙනෙක්ම දන්නවා.
දැන් මෙයාල හිතන් ඉන්න විදියට මුලික අවශ්‍යතා ටික නැති වුනත් කමක් නැ මට අනිත් මිනිස්සුන්ට ඕන විදියට ඡිවත් වෙනවා කියල හිතාගෙන………. සාදුකාරයක් පවත්වන්න. ඕකනේ ඇත්ත..................
දැන් මේ කතාව දිගටම යනවනේ ඒකට කැමති නිසා මේක දැන් නැති වෙනවට කැමතිත් නැ ඉතින් අකමැත්තෙන් හරි නැති වුනාමනේ දුක හිතිල අඩන්නේ.............
ඇත්තටම අඩන කෙනා අඩන්නේ එයා කැමති කෙනා නැති වුනාට නේද? අකමැති කෙනෙක් නැති වුනාට අඩන්නේ නැනේ එහෙම නේද? එතකොට එයා අඩන්නේ එයා කැමති වෙලා තිබුන ශරිරය නැති වුනාට නෙමෙයි එයාට තිබුන එක කැමැත්තක් අඩු වුනාට මම කියන්නේ බොරු නම් හැමදාම එහෙම අඩන්න එපැයි.......
කෙනෙක් දිහා බැලු බැල්මට පේන්නේ එක්කනෙක් නේ නමුත් එයාගේ ඇතුලෙ එයා නිර්මාණය කර ගන්නවා තවත් දහස් ගණනක් එයාට ඡිවත් වෙන්න නමුත් එයාට එක ක්ෂණයකට අවශ්‍ය එක්කනෙක් වුනාට අර දහස් ගණනම එයාට බලපැම් කරනවා සැම මොහොතකම මම මේ කියන දේ පිලිගන්න එපා තමන්ට හරියනවා කියල හිතනව නම් පිලිගන්න

Thursday, April 13, 2017

පටලැවිල්ල



අපට වචනයෙන් වියුක්තව නිරික්ෂනය කල හැකිද?
පැහැදිලි කිරිම යනු ඇති සැටිය නොවේ විස්තරය යනු විස්තර කරන දෙයද නොවේ
වචනයෙන් තොරව අපට බැලිය හැකිද?
ඔබට මා හට පවසන නාමයෙන් තොරව මා දෙස බැලිය හැකිද?
අප කතා කරන වචන වල නොයෙකුත් දැ අන්තර්ගතව ඇත.
ලෝකය යනු මමය එය මහා අවුලකි නොනවතින ගැටලු රාශියකි ඒ ගැටලු විසදීමේදී අප සිටින්නේ මම නැමැති හැගීම තුලය ඒ හැගීම තුල සිටින තාක් කල් මේ කිසිදු ගැටලුවකට විසදුමක් සෙවිය නොහැක.
ඔබ ඉතා ඉහලට උගත් පුද්ගලයෙක් විය හැක ඒත් අභ්‍යන්තරය පිලිබද අවබෝධයක් නොමැති වුවහොත් පිටත කෙතරම් හොදින් සංවිධානය කලද ඇතුලත විසින් පිටත පරාඡය කරනු ලබයි.
මිනිසා ඡිවත් වන්නේ ඔවුන් සිතා සිටින ආකාරය නිවැරදි කියාය. එහෙත් එය සම්පුර්ණයෙන් වැරදිය.
ඡිවත් වන කාලය තුල අවට සුන්දරත්වය උතුරා යන සැම මොහොතකම අප විසින් සිදුකරනු ලබන්නේ නින්දට යාමය ක්‍රියාව හැම විටම සමාඡයේ සංකල්පයන්ට අනුව සිදු කිරිම අපගේ පුරුද්දකි.
සාමාන්‍ය මිනිස් සමාඡයේ ඡිවත්වන මිනිසුන් දෙස බැලු කල ඇතිවන හැගීම් එතරම් හොද මට්ටමක නැත එදිනෙදා ඡිවිතයේ සිදුකරන අවශ්‍යතා සපුරා ගැනිමක් පමණක් සිදු කරමින් අප ඉතා හොදින් ඡිවත්වනවා යැයි සිතා සීටී

Wednesday, April 12, 2017

පරාර්ථකාමිත්වය



නොවැලැක්විය හේතුවක් නිසාවත් අපට ඕනැ දේ කිරිමට නොහැකිය ඒ තරමට අප සමාඡය විසින් පරාර්ථකාමි කර ඇත
එතරම් පරාර්ථකාමි මිනිසුන් ඡිවත් වුවත් ඒ පරාර්ථකාමිත්වය ආත්මාර්ථයේ පසුබිම සකස් සකස් කර ගැනිමට භාවිතා කරනවා නම් කුමකටද?

උගත් බව හා නුගත් බව



මෙය වචන දෙකකි මේ වචන දෙක ඇසෙන ඕනැම කෙනෙක් හට ඇතිවන සිතිවිලි රටාව කුමක්දැයි ඔබට සිතිය හැක උගත් බව යනු සමස්ථයක් හැටියට ගත් කල
පිරිසක් දන්නා දේ තවත් පිරිසක් නොදන්නා දේ අතර වෙනස නේද
මෙය මැනිය හැක්කේ කෙසේද?
උගත් කෙනෙකුට  කල හැක්කේ නුගත් කෙනෙකුට යමක් කියාදිමටය උගතෙකුට කිසිදා තවත් උගතෙකුට කිසිත් කියාදිය නොහැක ඒ උගත් කමේ ඇති අඩුවක් යැයි මට සිතේ...........
තවත් ආකාරයකින් ඔවුන් නුගත් යැයි කිමට හැකි මිනුම කුමක්ද?
උගතෙකු වීමට අප කෙතරමි උනන්දු විය යුතුද?
වෙහෙසකර විය යුතුද
ඒ වගේම නුගත් කෙනෙකු ඉදිරියේ උගත් කෙනෙකු තමන්ගේ උගත් බව පෙන්වීමට කෙතරම් වෙහෙසක් ගන්නා බව මා දැක ඇත එවැනි කෙනෙකු ඔබ උගත් කෙනෙකු යැයි සිතනවාද?